News

විදෙස්ගත ලාංකිකයන් 594ක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කුවේට් සිට ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 90 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු සහ සිංගප්පූරුවේ සිට 41 දෙනෙකු එලෙස දිවයිනට පැමිණ ඇත.

ඔවුන් සියලුදෙනාට PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර ඇත.

ගතවු පැය 24 තුළ විදෙස් රටවල සේවය කර මෙරටට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් 249 දෙනෙකු යළි රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.