විදෙස්ගතව සිට මෙරටට පැමිණි 157කට කොරෝනා
විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින් 157දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට හඳුනා ගෙන තිබේ.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කුවෙට්, ඩුබායි සහ ඉන්දුනීසියා යන රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් එම ආසාදිතයින් අතර වන බවයි.
පසුගිය දින දෙක තුළ හදුනාගත් ආසාදිතයින් අතර කුවෙට් හි සිට පැමිණි පුද්ගලයින් 90 දෙනෙකු වේ.
