විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ශ්‍රි ලාංකිකයින් 331 දෙනෙකු අද (01) උදෑසන දිවයිනට පැමිණ ඇත.
ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ ඇමෙරිකාවේ සිට පුද්ගලයින් 312ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලියන් 19දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවයි.
මෙලෙස පැමිණි සියලුම මගීන් ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සදහා පිටත් කර තිබේ.
