News

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 306ක් දිවයිනට

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයින් 306දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඊයේ (14) පස්වරුවේ චීනයේ සිටි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් සහ ඕමානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 296 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි බවයි.

ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපළ පරිශ්‍රයේදීම පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර තිබේ.