News

විනෝදයට ඉගිල්ළෙන්න හදන අයට නීතිය තදින්ම

විනෝදාස්වාදය සඳහා යතුරුපැදි ඇතුළු රථවාහන වේගයෙන් පදවන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා රථවාහන පොලිසිය විසින් රාත්‍රී කාලයේ දී විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

සමහර ප්‍රදේශවල පුරුද්දක් ලෙස රාත්‍රී කාලයේ දී යතුරුපැදි ඇතුළු වාහන වේගයෙන් පැදවීම, තරුණයන් අතරේ පුරුද්දක් බවට පත්වී තිබෙනවා. වාහනවල වේගය පරික්ෂා කිරීම, විනෝදාංශයක් වශයෙන් මෙවැනි කටයුතු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

ඉෂාර රත්නකාර