News

විනෝදෙට උඩින් යන රියැදුරන්ගේ මොළේ පරීක්ෂාවට පියවර

විනෝදාස්වාදය සඳහා අධික වේගයෙන් යතුරුපැදි සහ මෝටර් රථ පදවන පුද්ගලයන් අධිකරණ නියෝග මත මානසික වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවැසීය.

ඇතැම් තරුණ පිරිස් අතරේ අලුතින් ඇරඹෙන මෙවැනි උප සංස්කෘතියන් වහාම නතර කිරීමට පොලිසිය දිවයින පුරා රාත්‍රි කාලයේ විශේෂ මෙහෙයුම් ඊයේ (7 වැනිදා) සිට ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරින් පසුව එවැනි යතුරුපැදි හා ​මෝටර් රථ ධාවකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිසිය විසින් දියත් කරනු ලැබ තිබේ.

ඉෂාර රත්නකාර