News

විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාවර දුරකථන ජංගම දුරකථනවලට සම්බන්ධ කරයි

විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාවර අත්‍යවශ්‍ය දුරකථන අංක තිස්තුනක් නිලධාරීන් තිස්දෙනකුගේ ජංගම දුරකථන අංකවලට සම්බන්ධ කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත විසින් මෙම පියවර ගෙන ඇත්තේ නිලධාරීන්ට නිවසේ සිට රාජකාරි කරන අතරතුර මහජනතාවගෙන් එම දුරකථන අංකවලට ලැබෙන ඇමතුම් සඳහා පිළිතුරු දීමට හැකිවන පරිදිය.

මෙම ක්‍රියාමාර්ගය දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බෙහෙවින් ප්‍රයෝජනවත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

නිලන්ත මදුරාවල