News

විශේෂ අවසරයක් මත ලාංකිකයෝ පිරිසක් දිවයිනෙන් පිටව යයි

කොවිඩ් අවදානම් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නොහැකිව සිටි ලාංකියන් 80දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද (17) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

මේ අනුව කටුනායක ගුවන් තොටුපළෙන් ලාංකිකයන් 41ක් දෙනෙකු අද අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර තවත් ලාංකිකයන් 39ගෙනෙකු කටාර් රාජ්‍යයේ දොහාර් වෙත පිටත්ව ගොස් තිබේ.

මේ අතර මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් ගතව සිටි ලාංකිකයන් 92දෙදෙනෙකු අද දිවයිනට පැමිණ ඇත.