විශේෂ පුහුණුව ලැබූ කුලී ඝාතකයින් පාතාලයේ
සංවිධානාත්මක පාතාල කල්ලිවල කුලී ඝාතකයන් ලෙස අවි පුහුණුව ලත් වෙඩික්කරුවන් විසිහත් දෙනකු සිටින බව පොලිසිය කරන ලද අධ්‍යයනයකදී හඳුනාගෙන ඇත.
මින් බහුතරය යුද සංග්‍රාමික පුහුණුව ලත් අතිදක්ෂ වෙඩික්කරුවන් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.
එම පිරිස අතරේ විශේෂ යතුරුපැදි පුහුණුව ලත් යතුරුපැදි පදිමින් තනි අතින් වෙඩි තැබීමේ හැකියාව ඇති වෙඩික්කරුවන් පවා සිටින බව හෙළි වී ඇත.
තවද සංවිධානාත්මක පාතාල කල්ලිවලට සම්බන්ධ වූ එල්ටීටීඊ රාධා බළකායේ වෙඩික්කරුවන් පවා සිටි බවද අනාවරණය වී තිබේ.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
