වෛද්‍ය පීඨවලින් යළිත් PCR පරීක්ෂණ
මෙරට විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල සහයෝගය පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ (14) දිනයේ දී අදාළ ඉල්ලීම ලිඛිතව සිදුකර ඇති බව වාර්තා වේ.
සියලු විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට අදාළ ඉල්ලීම පිළිබඳ ඊයේ දිනයේ දීම දැනුම්දුන් බවත් සියලුම විශ්විද්‍යාලවල උපකුලපතිවරුන් අදාළ ඉල්ලීම සඳහා යහපත් ප්‍රතිචාර පළකර ඇති බව ද ශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර, ගාල්ල, කොළඹ, යාපනය සහ පේරාදෙණිය වෛද්‍ය පීඨවල පී.සීආර් පරීක්ෂණ කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට සැළසුම් කර ඇත.
