News

වෛද්‍යවරයෙකුට අයත් නිවසක කෝටියක් වටිනා හෙරොයින්

වෛද්‍යවරයෙකුට අයත් නිවසක් කුලියට ලබාගෙන හෙරොයින් ජාවාරම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු රුපියල් කෝටියක් වටිනා හෙරොයින්, ගිනිඅවියක්, මත්කරල් තොගයක් සමග වැලිපැන්න මඩවලදී කළුතර කොට්ඨාශ නොවිසදුනු අපරාධ විමර්ශන ඒකකය විසින් අද (01 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, බණ්ඩාරගම, මොරටුව ප්‍රදේශයේ පදිංචි 21, 27, 29 හැවිරිදි සැකකරුවන් පිරිසකි.

දකුණු පළාත් කේන්ද්‍ර කොටගත් මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් සමග එක්ව මෙම ජාවාරම සිදුකොට ඇති බව විමර්ශන වලදී හෙළිවී තිබේ.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගනු ලැබූ කාර් රථයක්, යතුරු පැදියක්, ජංගම දුරකථනයක්ද සැකකරුවන් සතුව තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

අධිකරණයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන කටයුතු කළුතර නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරයි.

හේමන්ත ලියනපතිරණ