News

වෛද්‍යවරු දෙදෙනෙකුට හා හෙදියකට කොවිඩ්

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුට සහ හෙදියකට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත. මෙම වෛද්‍යවරු දෙදෙනා සහ හෙදිය ළමා වාට්ටුවේ සේවය කරන අයයි.

එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දරුවෙකු සහ මවක් පසුගියදා කොවිඩ් ආසදිතව හඳුනා ගැනුනා.

රෝහලේ කටයුතුවලට කිසිදු බාධාවක් ඇති නොමැතිව සිදුකර ගෙන යනු ලබන අතර අනෙකුත් එහි වෛද්‍යවරුන් සහ හෙදියන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.