ශල්‍ය වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරුන් 5ක් නිරෝධායනයේ
වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු සහ කාර්යමණ්ඩලයේ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව පැවසෙනවා.
සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ අද (27) ශල්‍ය වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරුන් පස්දෙනකු , හෙද කාර්ය මණ්ඩලය හා උපස්ථාන සෞඛ්‍ය සේවකයින් 18 දෙනකු ඇතුළු 23 දෙනකු මෙලෙස නිරෝධායනය සඳහා යොමුකළ බවයි.
වවුනියාව , උළුක්කුලම ජන උදාගම්මානයේ කාන්තාවක ආසදිතව මියයාමත් සමග එම තීරණය ගෙන තිබේ.
එමෙන්ම එම කාන්තාව ජීවත්වූ උළුක්කුලම ජන උදාගම්මානයේ කොටසක් නැවත දැනුම් දෙන තුරු හුදකලා කර ඇත.
රෝහලට පැමිණි මියගිය කාන්තාවට උණ වැළදී ඇති අතර පසුව සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී ආසාදිත බව හඳුනාගෙන තිබුනා.
