News

ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයක් දිවයිනට

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු අද(11) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙරට රජයේ විශේෂ අවසරය මත ඉන්දියාවේ මුම්බායි නුවර සිට අද දින උදෑසන 8.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1042 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා මොවුන් රැගෙන ගොස් තිබේ .