ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹීමක්
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (26) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ ඌව පළාත්වල ද අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
කෑගල්ල, රත්නපුර, කළුතර,නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.
සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
