News

ශ්‍රී ලාංකික ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශ දෙසට ගසාගෙන යයි

කුඩාවැල්ලෙන් හා ත්‍රීකුණාමලයෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත‍්‍රා 30ක් අම්පන් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දුනීසියානු මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි.

අදාළ යාත්‍රාවල ධීවරයින් 180 දෙනෙකු රැදී සිටින අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බවට තොරතුරු ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අම්පන් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මුහුදු රළුවීමත් සමග මෙම යාත්‍රා ගසාගෙන ගොස් ඇති බව ධීවර දෙපාර්තමේන්තුවේ පවසයි.

අදාළ ධීවරයින් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු හා නිකොබාර් දූපත් බලධාරීන් මෙන්ම ඉන්දීය බලධාරීන් ද දැනුවත් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.