ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් බැංගලෝර් නුවරට
ඉන්දියාවේ බැංගලෝර් නුවර අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) බැංගලෝර් බලා පිටත්ව ගියේය.
ශ්‍රීලංකන් ගුවන් සේවය සදහන් කළේ යූ.එල් 1172 දරණ ගුවන් යානය අද උදෑසන 9.10ට කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගිය බවයි.
එලෙස පිටත්ව ගිය යානයේ කාර්ය මණ්ඩලයේ 8දෙනෙකු පමණක් එහි ගමන් ගත් බවද සදහන්.
අදාළ ගුවන් යානය මේ වන විට ශ්‍රී ලාංකික සිසුන් ද රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබේ.
එම යානය අද (28) දහවල් 12.55ට ශ්‍රී ලංකාවට ගොඩබැස්සවීමට නියමිතයි.
