News

ශ්‍රේෂ්ඨාධිකරණයේ කොටසක් ඇවිලෙයි

කොළඹ අළුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ හදිසි ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ගින්න මේ වන විටත් මැඩපවත්වා ඇති බවයි.

ගින්න මැඩපැවැත්වීම සදහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ රථ 9ක් ගින්න හටගත් ස්ථානයට පිටත් කර යැවූ බව ගිනි නිවීමේ ඒකකය සදහන් කරයි.