ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ප්‍රමිතිගත කරන්නැයි ඉල්ලීම්
දිවයින පුරා පිහිටි ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන පන් දහසක සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමත් සමග ඒවා ප්‍රමිතිගත කරන ලෙස ජාතික සුදුසුකම්ලාභී උපදේශකයන්ගේ සභාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත.
සුදුසුකම් සහතික නොමැති පුද්ගලයන් ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නිසා පාරිභෝගිකයාට නිසි සේවාවක් නොලැබෙන බව මෙම අමාත්‍යාංශ විසින් හඳුනාගෙන ඇත. පාරිභෝගිකයාට ගුණාත්මක සේවාවක් ලබාදීමට සහ මෙම මධ්‍යස්ථාන ශ්‍රේණිගත කිරීමටත් මෙමගින් හැකියාව ලැබෙන බව ජාතික සුදුසුකම්ලාභී උපදේශකයන්ගේ සභාව විසින් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට පෙන්වා දී තිබේ.
පසුගිය ආණ්ඩුව සමයේදී මෙම මධ්‍යස්ථාන ප්‍රමිතිගත කිරීමට ගැසට් නිවේදනයක් සකස් කළද එය ක්‍රියාත්මක නොවීය. සෞඛ්‍ය, ක්‍රීඩා, වෘත්තීය පුහුණු යන අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයද ඒකාබද්ධව මෙම ගැසට් නිවේදනය සකස් කර ඇත.
එම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ප්‍රමිතිගත කිරීම සිදුකරන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දුන් බව එම සභාවේ සභාපති සුදත් ගෝඨාභය පැවසුවේය.
උදයජීව ඒකනායක
