සංචාරක හෝටල් සඳහා විදුලි බිලට සහන කාලයක්
කොවිඩ් වලින් පිඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක් ලබාදෙන චක්‍රලේඛය නිකුත් වී තිබේ.
මේ සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට මෙම සහනය ලබාදෙනු ලබනවා.
ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තඅ 31 වන දින දක්වා සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි සමාන වාරික 12කින් ගෙවීමට අවස්ථාව සැලසෙනවා.
මෙහිදී ලියාපදිංචි හෝටල් හා වාසස්ථාන සඳහා විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස ද විදුලි බල මණ්ඩලය සිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දී ඇත.
කොවිඩ්-19 වසංගතයෙන් පිඩාවට පත්වූවන්ට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම පියවර ගෙන ඇත.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඊට අනුමැතිය හිමිවී ඇත.
