සතොස සභාපති ධූරයෙන් ඉවත් කරයි
සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ (සතොස) සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
සතොස වැඩබලන සභාපතිනිය ලෙස අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත් කරනු ලැබ තිබේ.
නුෂාඩ් පෙරේරා මහතා ලක් සතොස ආයතනයේ සභාපති ලෙස ද කටයුතු කරන අතර ඔහුට එම තනතුරින්ද ඉල්ලා අස්වන ලෙස වෙළඳ අමාත්‍යංශය විසින් දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වෙයි.
