සඳුදා දුම්රිය කීපයක් ධාවනය නොවේ
ලබන සඳුදා(08) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වුවද දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ සහ ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියන් ඇතුළු දුම්රිය කිහිපයක් එදින ධාවනය නොවන බව නායෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස් පොල්වත්තගේ මහතා ප්‍රකාශ කරයි.
එමෙන්ම ආසන කලින් වෙන්කර ගැනිමේ පහසුකම අද(06) සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බව ද වී.එස් පොල්වත්තගේ කියා සිටියේය.
