News

සමයංගේ වෙඩික්කරු පොලිස් වෙඩි පහරින් මරුට

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයංගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු වන ඉදුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍ර නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවේ පසු වූ මෙම සැකකරු පලායාමට උත්සාහ කිරීමේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.

ඊයේ (28) රාත්‍රීයේ නවගමුව ප්‍රදේශයේදී සැකකරු පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

සැකකරු පුද්ගල ඝාතන, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම ආදි චෝදනා රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි පුද්ගලයෙක් බව ද පොලීසිය පැවසීය.