News

සමාජ මාධ්‍යවල හුවමාරු වන A/L කාලසටහන අසත්‍යයක්

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙමින් ඇති කාලසටහනෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි.

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස පාසල් ප්‍රජාව ප්‍රමුඛ සියලු දෙනා වෙත විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.

මේ පිළිබදව විභාග කොමසාරිස්වරයා, තැපැල් හා විදුලි සංදේශන කොමිසන් සභාව වෙත අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.