News

සල්මාන් ඛාන් ස්වයං හුදෙකලාවේ

බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන්ද ස්වයං හුදෙකලාවට ලක්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙන්ම ඔහුගේ පවුලේ අයද මේ ආකාරයෙන් ඔවුන්ගේ නිවස තුළ ස්වයං හුදෙකලාවට ලක්ව සිටින බව සඳහන් වේ.

මෙවැනි පියවරක් ගැනීමට සිදු වී ඇත්තේ සල්මාන්ගේ පෞද්ගලික රියදුරාට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම නිසාය. ඔවුන් මේ වනවිට රෝහල්ගත කර ඇති බව සඳහන් වේ. සල්මාන් සහ පවුලේ අය දින 14ක කාලයක් හුදෙකලාව ගත කරනු ඇත.

මෙයට පෙර ඉන්දියාවේ සුප්‍රකට කලාකරුවෝ කිහිප දෙනෙක්ම ආසාදිතයන් බවට පත් වූහ. අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි, එස්. පී. බාලසුබ්‍රමනියම්, සෞමිත්‍ර චැටර්ජි වැනි අය ඒ අතර විය.

බාලසුබ්‍රමනියම් සහ චැටර්ජි දෙදෙනාට කොවිඩ් 19 නිසා ජීවිතයෙන් සමුගන්නට සිදු වීමද ඉන්දියාව තුළ මහත් කම්පනයක් ඇති කළ සිදුවීමකි.

සහන් වික්‍රමගේ