News

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

සහරාන් විසින් ත්‍රිකුණාමලය මූතුර් තාහිද් නගර් ප්‍ර​දේශයේ පවත්වාගෙන ගිය බව කියන අවි පුහුණු කඳවුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා සොයාගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි මාවනැල්ල පදිංචි ඉබ්‍රාහිම් සාදික් නමැත්තා විසින් තාහිද් නගර් පිහිටි ගොවිපොළෙහි තමන් ඇතුළු පස්දෙනෙකු පුහුණුව ලැබූ බව අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කර ඇත. මෙම සාදික් නමැත්තා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධ‍යෙන්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සහෝදරයන් දෙදෙනාගෙන් එක් අයෙකි.

මෙම ඉඩමේ අයිතිකරු හාජා මො​හොදීන් නමැති තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. කලක් යුද හමුදා සේවයේද නිරතව සිටි මොහු පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් 2011 වසරේ සිට 2015 දක්වා මූතුර් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

 

මංගලනාත් ලියනආරච්චි-ත්‍රිකුණාමලය