News

සාගල ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සොයාන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.

එම කොමිසමේ ලේකම් එච්.එම්.පී.බී. හේරත් මහතා පැවසුවේ අද පෙරවරු 9.30ට සාගල රත්නායක මහතාව කැදවා තිබූ බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද කැදවා තිබේ.

කෙසේ වෙතත් ඒ මහතාගේ ඉල්ලීමකට අනුව ලබන 31 වැනි දින එම ඒකකයට කැදවීමට නියමිතයි.

මේ වන විට අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට පුද්ගලයින් 262දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන ති‌බේ.