සාදය අවසානයේ සැනිටයිසර් බීපු 7ක් මරුට
කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් 7දෙනෙකු මියගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
රුසියාවේ ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පොලිසිය පවසයි.
එම සනීපාරක්ෂක දියර වර්ගය නිෂ්පාදනයේදී මෙතනෝල් 69%ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.
සිද්ධිය සම්බන්දව පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මියගිය අය අතර කාන්තාවක් ද සිටින බව වාර්තා වේ
