News

සැකකරුගෙන් ගුටි කෑ පොලිස් පරීක්ෂක රෝහලේ

කළුතර උතුර පොලිස් සිරමැදිරිය තුළට සැකකරුවකු දැමීමට කටයුතු කිරීමේදී එම සැකකාර පුද්ගලයා පොලිස් පරීක්ෂකවරයෙකු ට විරෝධය පළකර පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

එහිදී පහර කෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

කාන්තාවකට සිදු කරන ලද ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය තුළ රඳවා තැබීමට කටයුතු කිරීමේදී සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ මුහුණට පහර දීමක් සිදු කර තිබේ.

සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ප්‍රතිකාර ලබන පොලිස් පරීක්ෂකවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.