සැප්තැම්බර් 11 කැඳවීමට නියමවූ අමාත්‍ය ජොන්ස්ටන්ගේ අල්ලස් නඩුව
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහ විත්තිකරුවන් තිදෙනෙකුට එහෙහිව ඇති අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගන්නා නඩු දිනය සැප්තැම්බර් මස 11 දා කැඳවන්නට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
අද (21) එම නඩුව කැඳවුයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ දී යි.
සතොස ආයතනයේ 2010 – 2014 අතර කාලයේ ආයතනයේ සේවකයන් එකසිය පනස් තුන් දෙනෙක් ඔවුන්ගේ නිත්‍යානුකුල රාජකාරී වලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යෙදවීම තුලින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකලේ යයි චෝදනා ලබා සිටිනවා. යහපාලන සමයේ අල්ලස් කොමිසම විසින් එවකට වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ස.තො.ස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
