සියලුම බෞද්ධ දහම් පාසල් නිවාඩු
කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් මේ වන විට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති අතර එයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක සියලුම බෞද්ධ දහම් පාසල් වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා විසින් දැනුම්දී තිබේ.
පාසල් ආරම්භ කිරීමට සමගාමීව දහම් පාසල් ද සෞඛය අධ්‍යක්ෂක ජනරාල්ගේ උපදෙස් පිළිපදිමින් නැවත ආරම්භ කිරීමට නියමිතයි.
