News

සියලු මත්පැන්හල් වහන්න ජනපතිගේ අවධානය යොමු කරවයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින පුරා විවෘතව ඇති මත්පැන් අලෙවිසල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස තමා ඊයේ (27 වැනිදා) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි.

අධික මත්පැන් භාවිතය නිසා ඇති වන සිරෝසිස් වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙන්ම දුම්වැටි භාවිතය නිසා පෙණහලු දුර්වල වූ පුද්ගලයන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනය වුවහොත් දැඩි සංකූලතා මතුවීමට ඉඩ ඇති බැවින් මත්පැන් අලෙවිසල් වසා දැමීම වඩාත් සුදුසු බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ශිරන්තනි මානවඩු