News

සීදූවට පොලිස් ඇඳිරි නීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි සීදූව පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

මේ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

ගම්පහ පොලිස් බල ප්‍රදේශය
කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය
දොම්පේ පොලිස් බල ප්‍රදේශය
පූගොඩ පොලිස් බල ප්‍රදේශය
ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය
වීරඟුල පොලිස් බල ප්‍රදේශය
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය
මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය
නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශය
මීරිගම පොලිස් බල ප්‍රදේශය
පල්ලේවෙල පොලිස් බල ප්‍රදේශය
යක්කල පොලිස් බල ප්‍රදේශය
සීදූව පොලිස් බල ප්‍රදේශය
කඳාන පොලිස් බල ප්‍රදේශය
ජා ඇල පොලිස් බල ප්‍රදේශය
දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය