News

සුදූ කෙළියේ සිටි කත ඛේරගන්න පාට් දැමු කොස්තාපල් රිමාන්ඩ්

මීගොඩ සුදූවේ යෙදී සිටි කාන්තාව බේරගන්නට පැමිණි පාදුක්ක පොලීසියේ කොස්තාපල් රක්ෂිත බන්දනාගාරගත කර තිඛේ.

පවතින ඇදිරි නීතිය අවස්ථාවේ මුදලට කැට සූදුවේ යෙදී සිටි මීගොඩ කන්දවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මීගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරැව සැකකාර කාන්තාව මුදාහරින ලෙස පාදුක්ක පොලීසියේ පොලිස් කොස්තාපල් වරෙයක් කළ ඉල්ලීම මීගොඩ පොලිසියේ ස්ථානාධිපති වරයා ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත්ව තම යතුරැපැදියෙන් ගමන් කරමින් සිටියදී මීගොඩ පොලීසියේ පොලිස් නිලධාරිවරැන්ට අනතුරක් සිදුකිරීමට උත්සහා කිරීමේ චෝදනාවට මීගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් එම පොලිස් කොස්තාපල් වරයා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 19 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුම පටබැදිගේ මහත්මිය පෙරේදා 07දා නියෝග කළේය.

පාදුක්ක පොලීසියට අනුයුක්තව සේවය කරන රැවන් කුමාර හෙට්ටිආරච්චි නැමැති පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.

මීගොඩ පොලීසියට ලද තොරතුරක් මත මීගොඩ පොලීසියේ දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් විසින් මීගොඩ කන්දවත්ත ප්‍රදේශයේ දී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේ සැකකාර කාන්තාව මුදලට කැට ගැසීමේ සූදවේ යෙදී සිටි බව පොලීසිය පවසයි.

එම කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරැව සැකකාර කාන්තාව මුදාහරින ලෙස ඉල්ලා පාදුක්ක පොලීසියේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් මීගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ඇත. එම ඉල්ලීම මීගොඩ පොලීසියේ ස්ථානාධිපති ගිහාන් රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් එම පොලිස් කොස්තාපල්වරයා නැවත යතුරැ පැදියෙන් ගමන් කරමින් සිටියදී පොලීස් නිලධාරීන්ට අනතුරක් සිදුකිරීමට උත්සාහ කළ බව පොලීසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බී මතින් සිටිය බව පොලීසිය කියයි.

අනතුරක් වලක්වා ගැනීමට නොහැකි වීම බී මතින් රිය පැදවීම යන චෝදනා යටතේ සැකකරැ අත්අඩංගුවට ගෙන හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව රක්ෂිත බන්දනාහාර ගතකර ඇත.

මීගොඩ පොලීසිය මගින් සිද්ධිය පිළිබද වැඩදුර පරීක්ෂණ සිදුකරයි.