සුවය ලබා ගෙදර යන්න ගිය රෝගීන් 4ක් අත්අඩංගුවට
වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගෙන සුවය ලැබූ රොගීන් සිව් දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මෙම කොවිඩ් රෝගීන් පසුගිය 12 වනදා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිදහස් කිරීමට නියමිතව සිටි රෝගීන් සිව්දෙනෙකි.
මෙම රෝගීන් වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වෙනත් ආකාරයේ උපකරණ තොගයක් සොරකම් කරඇති බව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පවසා ඇත.
මෙම පුද්ගලයින්ගෙන් තිදෙනෙකු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔවුන්ව වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
