News

සුවය ලැබූවන් 23000 ඉක්මවයි

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 473දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 23304ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 31375ක් වන අතර රෝගීන් 7924දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 147කි.