සුවසරණ සෞඛ්‍ය අරමුදලින් කළුතරට පරිත්‍යාග කළ PCR යන්ත්‍රය ජනපතිට භාර දෙයි
හොරණ කුරුදුවත්ත මහ විහාරාධිපති, සුවසරණ සෞඛ්‍ය අරමුදලේ උපදේශක පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේගේ මගපෙන්වීමෙන් හා පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් මිලදී ගත් නව PCR යන්ත්‍රය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
නව PCR යන්ත්‍රය දිස්ත්‍රික්කයේ අවශ්‍යතාව උදෙස් කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපනය කිරීමට නියමිතයි.
පූජ්‍ය උඩුගල්මොටේ සිරිවිමල නා හිමිපාණන් වහන්සේ අදාළ ලියකියවිලි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූහ.
