සූදු කෙලියේ නිරත ලග්ගල ප්රා.ස.සභාපති අත්අඩංගුවට
සූදු ක්රීඩාවේ නිරත වූ ලග්ගල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 8 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ලග්ගල ප්රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා ඇතුළු පිරිසක් බවත්, ඔවුන් සතුව තිබු රුපියල් 24,000කට වැඩි මුදල් ප්රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
සභාපතිවරයා අත්අඩංගුවට පත්වීමෙන් පසුව එම ස්ථානයෙන් පළා යෑමට සහ නඩු පැවරීමකින් තොරව මුදා හැරීම සඳහා විවිධ බලපෑම් සහ ඉල්ලීම් සිදුකර ඇති බවද පොලීසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට පත් එක් පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්රෑම් එකයි මිලිග්රෑම් 221 ප්රමාණයක් ද සොයා ගෙන ඇති බව සඳහන්.
එලෙස හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සහ ගංජා ජාවාරම්කරුවෙකු වන සුරංග දිසානායක නොහොත් “යකා“ නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයෙක් බව පැවසෙනවා.
ලග්ගල පොලීසියට ලැබුණු තොරතුක් මත ඊයේ (15) අලුයම 2.30ට පමණ සභාපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
