News

සෙල්ලිපියේ මිරිස් ඇඹරිල්ලක් ගැන පුරාවිද්‍යාව දන්නේ නැහැ

අනුරාධපුර, විජිතපුර බළකොටුව ආශ්‍රිත පුරාවිද්‍යා භූමියේ අනවසරයෙන් ඉදිකරන ලද බැම්ම ගලවා කැණීම් කටයුතු ආරම්භ කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක පැවැසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලහප්පෙරුමාගම පිහිටා තිබෙන මුස්ලිම් පල්ලිය සහ කනත්ත වෙන් කරමින් සිමෙන්ති ගඩොලින් තාප්පයක් ඉදි කිරීමට පසුගියදා පිරිසක් කටයුතු කර තිබුණි. එම තාප්පය ඉදි කිරීමේ දී විජිතපුර බළකොටුවට අයත් භූමියට මෙන්ම පුරාණ ගොඩනැගිල්ලක නටබුන් රැසකටද හානි සිදු වී ඇත. බැම්ම ඉදිකරන ලද ස්ථානය සහ මීට පෙරදී නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස ව්‍යාපෘතියක් සඳහා භූමිය එළිපෙහෙළි කරන ලද ස්ථානය අතර දුර ඉතා ආසන්න බවද පුරාවිදයා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. එමෙන්ම විජිතපුර බළකොටුවෙන් හමු වූ සෙල් ලිපියක් මිරිස් ගලකට යොදා ගැනීමේ සිද්ධියක් මෙතෙක් තමන්ට වාර්තා වී නොමැති බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

සාලිය කුමාර ගුණසේකර