News

සෝමාලියාවේ රැකියාවට ගිය ලාංකිකයන් වැටුප් නොමැතිව අසරණයි

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර රැඳීසිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් කොවිඩ්ව සංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව අසීරුතාවට පත්ව සිටින බව වාර්තා වනවා.

මෙලෙස ලාංකිකයින් 13ක් මාස 06 කාලයක් වැටුප් ද නොමැතිව මොගඩිෂු අගනුවර රැඳීසිටිනවා.

සෝමාලියාවේ ශ්‍රි ලංකා තනාපති කාර්යාලයක් නොමැති වීම නිසාවෙන් ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් ඉතියෝපියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට දැනුම් දීමක් ද සිදුකර ඇත.

මුදල් නොමැතිව දැඩි අසීරුතාවට පත්ව සිටින තම කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එරට රැඳී සිටින එම ශ්‍රි ලාංකිකයින් පිරිස ඉල්ලා සිටිනවා.