News

සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මිලියන තුනක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ගුවන් සේවා විධායක නිලධාරින්ගේ හා කළමනාකරුවන්ගේ සංගමය රුපියල් මිලියනයක මුදලක් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.

අද (29) පෙරවරුවේ විජේරාම නිළ නිවසේ දී එම සංගමයේ සභාපති උපාලි රූපසිංහ මහතා ඇතුඵ සංගමයේ නිළධාරීන් විසින් අදාල මුදල් පරිත්‍යාගය කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලබිදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීමට කටයුතු කරනු ලැබීය.

ජෙනෙක්ස් (GENXT)සමාගමේ මැදිහත්වීම මත ක්ෂව්මි (XIAOMI) ශ්‍රී ලංකා ජංගම දුරකථන සමාගම විසින් රුපියල් මිලියන දෙකක මුදලක් කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

ක්ෂයෝමී ශ්‍රී ලංකා (GENXT) ජංගම දුරකථන සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ජෙනට් (genxt) සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී රජිව් ගුණරත්න මහතා විසින් අද(29) පෙරවරුවේ විජේරාම නිළ නිවසේ දී මීට අදාළ මුදල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදීමට පියවර ගනු ලැබීය.

මෙම පරිත්‍යාග අද (29) දිනයේදීම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරනු ලැබීය.

මේ අතර ජපානයේ කොන්සල් ජනරාල් කාර්යාලයේ මැදැහත්වීම මත ඇමරිකානු ඩොලර් ලක්ෂයක් පමණ වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (29) භාර දෙනු ලැබීය.

මෙම අවස්ථාවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත නාහිමියන් සහ ජපානයේ කොන්සල් ජනරාල් කාර්යාලයේ නියෝජිත සුනිල් ගමගේ මහතාද එක්විය.