සෞදි අරාබියේ සිට ලාංකිකයින් පිරිසක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 266 දරන විශේෂ ගුවන් යානයෙන් අද උදෑසන 7.10ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ශ්‍රී ලාංකිකයින් සෞදි අරාබියේ රැකියා සඳහා ගොස් සිටි පිරිසකි
තවද කටාර් රාජ්‍යයේ දෝහා සිට අද දින අලුයම 1.45ට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් , කටාර් රාජ්‍යයේ නැව්වල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.
කටුනායක ගුවන්තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පැමිණිමෙන් පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
