News

හවුලේ උපකරණ භාවිත කළ සේවකයන්ට කොවිඩ්

කාර්යාල සහ වැඩබිම්වල සේවකයන් හවුලේ භාවිත කරන ඇතැම් උපකරණ නිසා කොවිඩ් – 19 ආසාදිතයින් බිහි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අජිත් රෝහණ පැවසීය.

කාර්යාලයේදි හෝ වැඩබිම්වලදී සේවකයන් මුහුණු ආවරණ පැලඳ, සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කළද, ආහාර ගන්නා අවස්ථාවලදී සමූහයක් ලෙස කටයුතු කිරීම, එකම වීදුරු කෝප්ප, පිඟන්, ආදිය භාවිත කිරීම, සිගරැට්, දුම්වැටි දෑ හවුලේ පරිහරණය කිරීම වැනි ක්‍රියා සිදුකිරීම තුළින් කොවිඩ් – 19 ආසාදිතයන් බිහි වී ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

කාර්යාල සහ වැඩබිම්වල සේවක සේවිකාවන් සම්බන්ධයෙන් කරන ලද පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලදී සෞඛ්‍ය බලධාරීන් අදාළ කරුණු තහවුරු කරගෙන ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

 

ඉෂාර රත්නකාර