News

හිටපු ජනපතිට ගෞරවනිය තනතුරක් ඉල්ලුවේ නැහැ – දයාසිරි

කොවිඩ් වසංගතය බැවින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සමුළුව නොපැවැත්වීමට තීරණය කර ඇත. මේ බව පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

එම උත්සවය වෙනුවට ආගමික කටයුතු බෙල්ලන්විල විහාරයේදී ලබන මස 02 වනදා පැවැත්වීමට තීරණය කළ බවයි වැඩි දුරටත් ප්‍රකාශ කලේ.

මේ අතර හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෞරවනීය තනතුරක් ලබාදිය යුතු බවට කිසිදු ඉල්ලීමක් නිදහස් පක්ෂය විසින් කර නොමැති බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මෙම කරුණු ඊයේ (27) පක්ෂ කාර්යාලයේ පැවති සාකච්චාවකින් අනතුරුව මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළා.