හිටපු මන්ත්රීගේ නිවසේ අවි ගබඩාවක්
කොළඹ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සමග ඒකාබද්ධව කරන ලද වැටලිමකදි බද්දේගම ප්රාදේශිය සභාවේ හිටපු මන්ත්රිවරයෙකු නිවසේ ගිනි අවි උණ්ඩ ඇතුලු ආයුධ රැසක් අද(07) අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි.
T56 ගිනි අවියක්,පතරොම් ගැබක්,T 56 උණ්ඩ 8ක්, අත් බෝම්බයක්,රම්බෝ පිහි 4ක්, ලියා පදිංචි නොකල යතුරු පැදියක්, වායු රයිෆලයක්, රේල් පිලි දෙකක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
බද්දේගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
ගැමුණු චන්ද්රලාල්ල – ගාල්ල
