News

හිතුමතේ ණයදෙන ආයතනවලට මහ බැංකුව තදින්

රට පුරා ඇති අවධිමත් ලෙස මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමට අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

2019 වසර සඳහා ඊයේ (28 වැනිදා) නිකුත් කළ නවතම මහ බැංකුව වාර්තාව සඳහන් කරන අන්දමට අවිධිමත් ලෙස මුදල් ණයට දෙන ව්‍යාපාර කිසිදු පාරිභෝගික ආරක්ෂක රෙගුලාසියකට යටත් නොවේ. මෙවැනි ව්‍යාපාරවලින් ණය ලබා ගන්නන් අසාධාරණයන්ට හා හිංසනයන්ට යටත්වීමටද ඉඩ තිබෙන බවද මහ බැංකු වාර්තා පවසයි.

මෙනිසා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගිලිහී යාමෙන් මූල්‍ය සේවා වෙත පිවිසීමද සිදුනොකරනු ඇතැයි මහ බැංකුව පෙන්වාදෙයි.

 

අජිත් අලහකෝන්