News

හුදකලා ගමෙන් පනින අය කොටුකර ගන්න ගමේ අය එකතුවෙයි

හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනත් ප්‍රදේශවලට පිටවයෑම් සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශ වලින් වාර්තාවීම ඇතැම් විට අසන්නට ලැබුනත් වේයන්ගොඩ ප්‍රදේශයෙන් තරමක් වෙනස් පුවතක් වාර්තාවේ.

වේයන්ගොඩ නගර සභා නිවාස සංකීර්ණය තුලින් කොරෝනා රෝගීන් 20 දෙනෙකු හමුවීමත් සමග එම නිවාස සංකීර්ණයේ පිරිස එම නිවාස වලම නිරෝධායනය කර ඇත.

ඊයේ  සිට එම නිවාස සංකීර්ණයේ පිරිස නිරෝධායනයට යොමුකර ඇති බැවින් ඇතැම් නිවාසවල පුද්ගලයන් වෙනත් ප්‍රදේශවලට සංචරණය කිරීමට උත්සහ ගන්නා බවට සැලවීමත් සමඟ එය වැලැක්වීමට ප්‍රදේශවාසීන් ද පොලිසියට සහයෝගය ලබා දීමක් සඳහා  රැකවල් යොදා ඇති බව පැවසේ.