News

හුදකලා ප්‍රදේශවලින් එළියට එන්න නම් සෞ.සේ.අ.ජ ගෙන් අවසර ගත යුතුයි

දිවයිනේ යම් ස්ථානයක අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සංචරණ සිමා පනවා ඇති ප්‍රදේශවලින් කාර්යය මණ්ඩලය ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දැනුම් දී ඒ ඒ අවස්ථාවට අනුකූලව අවසර ගත යුතු බව දන්වා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් මර්දන කටයුතු පහසු කරවීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ ගණනාවක දැඩි සංචරණ සිමා පනවා ඇත.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවලට හෝ එම ප්‍රදේශවලින් පිටතට මහජන සංචරණය දැඩිලෙස සීමා කර ඇති බවත් නිවේදනයක් නිකුත්කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම නිසා දිවයිනේ අනෙක් ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගෙනයැමට අනිවාර්යයෙන් අවශ්‍ය පිරිස් ඉහත ප්‍රදේශවලින් ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැටලුවක් වීම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

මේ අතර පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබූ ප්‍රදේශ හරහා ගමන් කිරීමට නිකුත් කර තිබු ඇඳිරිනීති බලපත් හුදකලා කර ඇති ප්‍රදේශ හරහා ගමන් කිරීමට වලංගු නොවන අතර ඒ සඳහා ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු බව එම නිවේදනයේ දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ……