හූල්ගෙ වැඩ ගැන ව්‍යවස්ථාදායක සභාව වාර්තා 2ක් කැඳවයි
මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ව්‍යස්ථාදායක සභාව විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගෙන් සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් වෙන වෙනම වාර්තා දෙකක් කැඳවා ඇත.
මහාචාර්ය රත්නජීවන් හූල් විසින් වරින් වර කරන ප්‍රකාශ සහ පක්ෂග්රාහීව ඔහු හැසිරෙන ආකාරය පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා වන හිටපු කතානායක කරු ජයසූරිය වෙත විවිධ පිරිස් විසින් මේ වන විට පැමිණිලි ලැබී ඇත.
ඒ අනුව මහාචාර්ය හූල් සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය විසින් මෙසේ වාර්තා දෙකක් කැඳවා ඇතැයි ව්‍යවස්ථාදායක සභාවට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් ලබාදෙන වාර්තා දෙක අනුව මහාචාර්ය හූල් පිළිබඳව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බවද හෙතෙම පැවැසුවේය.
අජිත් අලහකෝන්
