හෙද හෙදි අතිකාල ප්‍රශ්නෙට බදාදා වන විට විසඳුමක් ඉල්ලයි
මේ වන විට අත්හිටුවා ඇති හෙද හෙදි අතිකාල දීමනාව සම්බන්ධයෙන් එළැඹෙන බදාදා (27 වැනිදා) දින වනවිට නිසි විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවැසීය.
සභාපතිවරයා පෙන්වා දෙන්නේ ඇතැම් රෝහල්වල හෙද කාර්ය මණ්ඩලයට ලබාදෙන ප්‍රවාහන පහසුකමද අත්හිටුවා ඇති බවයි.
කෙසේ වෙතත් පවතින ගැටලු සඳහා විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලා මේ වන විටත් ඇතැම් රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය විරෝධතා පවත්වන බවද හෙතෙම කීවේය.
අප්‍රේල් මස සිට අතිකාල දීමනා ලබාදී නොමැති බවද ඔහු පවසා සිටියි.
චාමර පල්ලේගෙදර
